Wednesday, May 8, 2024

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තබයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුම ඊයේ (6) අත්සන් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීගිත සංස්ථාව, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම එක්වයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශ කාර්යාලය සඳහන් කළේ මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වූ බවයි.

ඒ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් වන 2003 බදු ගිවිසුම අහෝසි වී තෙල් ටැංකි සංකීර්ණය වසර 50ක බදු කාලයකට ආයතන 03ක් අතර පහත පරිදි බෙදී යනු ඇති.  

මේ සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු අද පස්වරුව වනවිට අවසන් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියාසිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති සමස්ත ටැංකි ගණන 99න් ටැංකි 61ක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නම් නව සමාගම යටතේ සංවර්ධනය කිරීමටයි මේ වනවිට සැලසුම් සකස් කර ඇත්තේ.

නව සමාගමේ 51%ක කොටස් අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අතර ඛෂධක්‍ සමාගමට 49%ක කොටස් අයිතිය හිමිවනවා.

(ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් සංස්ථාවට 51% ද ලංකා ඉන්දියානු තෙල් සමාගමට 49% ද කොටස් හිමි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමකි. එහි අධ්‍යක්ෂක මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත් කරන 4 දෙනෙකුගෙන් ද ලංකා ඉන්දියා තෙල් සමගම විසින් පත් කරන 3 දෙනෙකුගෙන් ද සමන්විත වේ. එමෙන්ම නව සමාගමේ සභාපතිවරයා පත් කරන්නේ ද තෙල් සංස්ථාව විසිනි)

ඒ අනුව මෙම ටැංකි 99න් 85කම (24+61=85) පාලනය තෙල් සංස්ථාව සතු වීම ලක් ඉතිහාසයට එක්වන ඓතිහාසික ජයග්‍රහණයක් බව බලශක්ති අමාත්‍යංශ කාර්යාලය ප්‍රකාශ කළා.

මෙම නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අදාළ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ඕනෑම අවස්ථාවක ගිවිසුමට අත්සක් තැබීමේ හැකියාව පවතින බවයි.

අදාළ ගිවිසුම ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක බුද්ධික මඩිහහේවා, ලංකා ඉන්දියානු තෙල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක මනෝජ් ගුප්තා යන මහත්වරුන් මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ මහතා ද මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක් කරනු ඇත.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලද අතර අක්කර 827ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත වුණා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යයන් විසින් 1920 දශකයේ දී ඉදිකරන ලදි. අක්කර 827 ක වපසරියක විහිදුනු මෙට්‍රික් ටොන් 10,000 බැගින් ධාරිතාවයෙන් යුතු තෙල් ටැංකි 100කින් මෙම ටැංකි සංකීර්ණය සමන්විත විය. දෙවන ලෝක යුධ සමයේ 1942 අප්‍රේල් මස 9 වනදා එල්ල වුණු ජපන් ගුවන් ප්‍රහාරයක් නිසා මේ එක් ටැංකියක් විනාශ වී ඇත.

1987 ජුලි 29 වන දින ඉන්දීය අගමැති සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති අතර හුවමාරු වූ ලිපියේ 2(iii) වගන්තිය අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමූහය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි එකඟ වී ඇත්තේ.

2003 වසරේ පෙබරවාරි 07 දින අත්සන් කළ ගිවිසුමක් මත 35 වසරකට බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට භාර දෙනු ලැබූ බව බලශක්ති අමාත්‍යංශ කාර්යාලය පෙන්වා දෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ ලංකා ඉන්දියානු තෙල් සමාගම එහි භාවිතයට ගනු ලැබුයේ ටැංකි 14 පමණක් වන අතර ඉතිරි ටැංකි කිසිදු ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් පැවතුණු බවයි.

2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනමට ඉන්දියාවට ලබා දීමට මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවකට පැවැති ආණ්ඩුව එකඟ වූ අතර මාස 16ක් පුරා ඉන්දියාව සමඟ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමෙන් අපට වඩාත් වාසිදායක එකඟතාවයක් ඇති කර ගැනීමට හැකි වූ බව බලශක්ති අමාත්‍යංශ කාර්යාලය ප්‍රකාශ කළා.

මෙම නව ගිවිසුම් ජනවාරි මස 10 දා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන අතර 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ජනවාරි මස 11 දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වේබ් අඩවියට මෙම ගිවිසුම් එක්කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles