Saturday, April 27, 2024

අන්තිමේදී චීන පොහොරවලට රුපියල් කෝටි 140 ක වන්දියක්.

ආන්දෝලනාත්මක කාබනික පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ චීන පොහොර සමාගමට ණයවර ලිපියට අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 6.9ක මුදලක්(රුපියල් කෝටි 140කට වැඩි මුදලක්) හෙට (07) දිනයේ ගෙවන බව මහජන බැංකුව ප්‍රකාශ කරනවා. මෙම ගෙවීම චීනයේ චින්දවෝ බයෝටෙක් සමාගමට සිදුකිරීමට නියමිත බව මහජන බැංකුවේ සාමාන්‍යධිකාරී රන්ජිත් කොඩිතුවක්කු තහවුරු කරනු ලැබුවා.

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට රැගෙන ආ චීනයේ චින්දවෝ බයෝටෙක් සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව ඇතුළු පාර්ශ්වයන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව සමථයට පත් කිරීමට පසුගිය දෙසැම්බර් 03වැනිදා කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි අවසර ලබාදුන් අතර, අදාළ චීන සමාගම වෙත මුදල් ගෙවීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමටද වැනිදා නියෝග කරනු ලැබුවා. මෙහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩුව සමථයට පත්කිරීමට සූදානම් බවත් ඒ සඳහා අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙහිදී සමථ කොන්දේසි ප්‍රකාරව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබෙනවා. ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශ්වය අධිකරණය හමුවේ මෙහිදී එකඟ වුණා. කාබනික පොහොර චීනයේ දී නැව්ගත කිරීමට පෙර තත්ත්ව පරීක්ෂාවට ලක් කිරීමටත් මෙරටට ගෙන්වූ පසු පරීක්ෂාවට ලක් කිරීමටත් එම සියලු පරීක්ෂණවලින් සමත් වූ පසු වරායට ගොඩබෑමටත් දෙපාර්ශ්වය එහිදී තවදුරටත් එකඟ වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles