අමාත්‍ය තෙවරප්පෙරුම ඇතුළු 04 ක් බන්ධනාගාරයට..

1
341

මීගහතැන්න පොලීසිය‍ට බාර වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු සිව් දෙනා ලබන 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද සවස නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආධාරකරුවන් පිරිසක් මීගහතැන්න පොලීසියට බාරවීමෙන් ඉක්බිතිව අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් හමුවට පැමිණවීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට ප්‍රදේශයේ සිසුන් 10 දෙනෙකු ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පසුගියදා තෙවරප්පෙරුම මහතා ඇතුළු එම මව්පියන් විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

එම සිසුන් 10 දෙනාගෙන් නව දෙනෙකු අද උදෑසන විදුහලට කැටුව ගිය අවස්ථාවේදී පොලිසිය විසින් එම 9දෙනාගේ මව්වරුන්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදී.

අයුතු ජනරාශිය යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු එදින අයුතු ජනරාශියට අනුබල දුන් තවත් පිරිස් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව පොලීසිය විසින් කියා සිටි අතර ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ද පොලීසියට බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here