2023 සිට උසස් පෙළට කොරියානු භාෂාව

0
659

2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කර සිටිනවා.

කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සෝල් නුවර දී හමුවූ අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කර සිටියේ.

දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කර තිබේ.

මේ අතර විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ප්‍රතිචාර දක්වමින් කොරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබාදීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here