ගුවනින් ගොස් වැටලූ කුමන රක්ෂිතයේ අක්කර ගණනක කංසා වගාව!

0
322

කුමන රක්ෂිතයේ රහසිගතව සහ සූක්ෂම ආකාරයෙන් පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබේ.

විශේෂ කාර්ය බළකායේ සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, සාශ්ත්‍රවෙිලී යන කඳවුරු ඒකාබද්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි තොරතුරුකට අනුව එම වැටලීම සිදුකර තිබුණි.

එම වැටලීමේදී අක්කර 04ක පමණ භූමි ප්‍රමාණයක සරුවට වැඩී තිබූ ගංජා හේනක් සොයාගෙන ඇති අතර වනාන්තරය මැද සැක නොසිතෙන අයුරින් සහ බාහිරට නොපෙනෙන අයුරින් එම වගාව සිදුකරගෙන ගොස් තිබේ.

එම වැටලීම සඳහා දින 7ක පමණ අතිශය දුෂ්කර මෙහෙයුමක් සිදුකළ බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය.

මෙහිදී නිලධාරීන් භාරයට ගත් ගංජා පැළ ඉතිහාසයේ මුල්වරට ගුවනින් ගෙනඒමට සිදුවී තිබුණි.

එහිදී ගුවන් ගමන් වාර 6ක් සිදුකර තිබෙන අතර කිලෝමීටර් 17ක දුරක් ගෙවා එම ගංජා පැළ රැගෙනවිත් ඇත.

පසුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝග මත නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව වෙත ඹෟෂධ නිෂ්පාදන කටයුතු සඳහා සමස්ත ගංජා ප්‍රමාණයම ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here