පකිස්තානුවන්ට ග්‍රීකයන්ගෙන් දැඩි විරෝධයක්

0
776

පකිස්තාන ජාතිකයන්ට එරෙහිව ග්‍රීසියේ සෑම තරාතිරමක පුද්ගලයන්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇතැයි වාර්තා වේ.

නව අවුරුදු උදාව සිදුවූ රාත්‍රියේ ග්‍රිසිය තුළ ජීවත් වන පකිස්තාන ජාතිකයන් විශාල පිරිසක් ඇතැන්ස්හි සින්ටග්මා චතුරස්‍රයට රැස්ව සැමරැම්වල යෙදීම මෙම විරෝධය එල්ල වීමට හේතුවයි.

ඔවුන් ග්‍රිසිය තුළ ක්‍රියාත්මක කෝවිඩ් මාර්ගෝපදේශ සියල්ල කඩ කරමින් අපරීක්ෂාකාරී ලෙස හැසිරී ඇති බවට මෙහිදී චෝදනා නැගී තිබේ.

මෙම පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ග්‍රීක බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here