Thursday, May 2, 2024

ටිබෙටයේ පරිසරත් වැනසේ.

ටි‍‍බෙටයේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුකරමින් එහි ඇති වටිනාකම විනාශ කිරීමට චීනය කටයුතු කරමින් සිටින බව ප්‍රොවිඩන්ස් ජර්නල් පර්යේෂණ ප්‍රකාශනය මගින් අනාවරණය කර තිබේ.

චීනය විසින් විෂ සහිත අපද්‍රව්‍ය ටිබෙටය වෙත බැහැර කරමින් ඇති බවත් එහි පරිසරය ආරක්ෂා කිරීම සදහා චීන බලධාරීන් නිසි උනන්දුවක් නොදක්වන බවත් එමගින් හෙළිදරව් කරයි.

චීනය ටි‍බෙටය තුළ සිදුකරන විවිධ ඛණිජ කැණීම්වලදී ද අන්තර්ජාතික පරිසර ආරක්ෂණ ප්‍රඥප්තිවලට පවා පටහැනිව යමින් එහි පරිසරයට දැඩි හානි සිදුකරනු ලබන බව ප්‍රොවිඩන්ස් ජර්නල් පර්යේෂණ ප්‍රකාශනය මගින් අනාවරණය කර ඇත.

ටිබෙටයේ සංස්කෘතිය සහ බෞද්ධ ආගමික පරිසරය චීනය විසින් හිතාමතාම වෙනස් කරන බවට දශක ගණනාවක් තිස්සේ චෝදනා එල්ල වී ඇති පසුබිමක මෙම නව අනාවරණය වඩාත් කැපී පෙනේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles