කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය විවෘත කෙරේ

0
373

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය අද (09) දිනයේ දී විවෘත වීමට නියමිතයි.


චීන විදේශ අමාත්‍ය වෑන්ග් – යී මෙරටට පැමිණීමට සමගාමීව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් එය අද (09) දිනයේ දී ජනතා අයිතියට පත්වනවා.


සුඛෝපභෝගී පෞද්ගලික යාත්‍රා 200ක් පමණ නැංඟුරම් ලෑමේ පහසුකම් මෙම පර්යන්තයේ පවතිනවා.


මේ අතර චීන විදේශ අමාත්‍ය වෑන්ග් – යී ඇතුළු දූත පිරිස ඊයේ (08) රාත්‍රියේ දිවයිනට පැමිණියා.


චීන – ශ්‍රී ලංකා රාජාතාන්ත්‍රික සබඳතාවල 65 වන සමරු වැඩසටහන් දියත් කිරීම එම සංචාරයේ එක් අරමුණක් වෙි.

චීන ආයෝජන සඳහා වැදගත් වන දිවයින පුරා පිහිටි ව්‍යාපෘති පිළිබඳවද චීන විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here