වෙළඳපොලේ සිමෙන්ති හිඟ නිසා ඉදිකිරීම් වලට බාධා

0
302

වෙළෙඳපොළේ පවතින අධික සිමෙන්ති හිඟය නිසා ඉදිකිරීම් වැඩ බිම්වලින් සියයට 50 ක පමණ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි ඉදිකිරීම් සමාගම් පවසයි.

මේ තත්වය නිසා බොහෝ ඉදිකිරීම් වැඩබිම්වල සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව ඔවුන් නිවෙස්වලට පිටත් කර යවා ඇතැයි එම ඉදිකිරීම් සමාගම් වල නිලධාරීහු පැවසූහ.

සාමාන්‍යයෙන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් වුවත් මේ දිනවල අලෙවි කැරෙන්නේ රුපියල් 1500 , 1600 වැනි අධික මිල ගණන් වලට බවත් හිඟය නිසා ඒ මිල ගණන්වලට පවා සිමෙන්ති මිලදී ගැනීම නොහැකිවී ඇති බවත් ඔවුහු සඳහන් කරති.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් ඇතුළු ආයතනවලට මේ දිනවල ලැබෙන්නේද ඉල්ලුම් කරන සිමෙන්ති ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණ බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here