Sunday, May 19, 2024

ශ්‍රී ලංකාවට අවශ්‍ය සමස්ත කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය සහ තෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලැබී අවසන්

අද වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය සමස්ත කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය සහ තෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලැබී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට මේ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික්, මොඩර්නා සහ ෆයිසර් එන්නත් මාත්‍රා හාර කෝටි අසුපන් ලක්ෂ හැටදහසක් ලැබී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙස වන අතර ඒවා චීන, ජපාන, අමෙරිකානු සහ ඉන්දියානු රජය මගින්ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ආධාර ලෙස ලැබුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ආනයන කල එන්නත් වලින් බහුතරය ෆයිසර් හා සිනොෆාම් එන්නත් වන බවත් ෆයිසර් එන්නතේ මුළු වියදම ලෝක බැංකුවේ ණය පහසුකමකින් ගෙවන ලද අතර ආසියානු සංවර්ධන බැංකුව විසින් සියිනොෆාම් එන්නත සඳහා ගෙවීම් සිදුකර ඇති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

මෙි අතරම ශ්‍රී ලංකාවට අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 48 මෙරටට ගෙන්වා අවසන් බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා පැවැසීය.

ඉකුත් වසරේ ජනවාරි 29 වැනිදා ආරම්භ කළ එන්නත්කරණය සඳහා අවශ්‍ය මාත්‍රා ලබාගැනීම මේ වසරේ ජනවාරි 9 වැනිදා වනවිට සම්පූර්ණ කිරීමට හැකි වූ බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

වසර දෙකක් ඉක්මයෑමට පෙර “ඇස්ට්‍රාසෙනෙකා” එන්නත් මාත්‍රා මිලියන 2.8ක්, “මොඩර්නා” එන්නත් මාත්‍රා මිලියන 1.5ක්, “ස්පුට්නික්” එන්නත් මාත්‍රා 3,30,000ක්, “සයිනොෆාම්” එන්නත් මිලියන 26ක්, “ෆයිසර්” මිලියන 17.5ක් මෙරටට ගෙන්වා ගැනීමට සමත් වූ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

“බූස්ටර්” එන්නත සඳහා “ෆයිසර්” මාත්‍රා මිලියන 14ක් ගෙන්වා ඇති බවත්, මෙම එන්නත් සඳහා අවශ්‍ය ගෙවීම් කටයුතු ලෝක බැංකුව හරහා සිදුකළ බවත් චන්න ජයසුමන පැවැසීය.

වයස අවුරුදු 16ට වැඩි මිලියන 16 ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී එන්නත්කරණ වැඩසටහනේ විශිෂ්ට ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය.

No photo description available.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles