Monday, May 6, 2024

නියමිත ප්‍රමිතිය තහවුරු වූ ලිට්‍රෝ ගෑස් තොගයක් ගොඩබෑමට අවසර

නියමිත ප්‍රමිතිය තහවුරු වීමත් සමඟ ලිට්‍රෝ සමාගම මෙරටට ගෙන්වූ ගෑස් නෞකා දෙකෙන් එක් නැවක තිබෙන ගෑස් ගොඩබෑම සඳහා අවසර හිමිවී තිබෙනවා.

අනෙක් නෞකාවේ සාම්පල වාර්තා මෙතෙක් නිකුත් වී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

එසේම ලබන සතිය වන විට ලාෆ් සමාගමට අයත් ගෑස් නෞකාවක් ද දිවයිනට පැමිණිමට නියමිත ව තිබෙන බව වාර්තා වෙයි.

වෙළඳපොලේ ගෑස් හිඟවීමත් සමඟ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට ලක්ව ඇති මොහොතක ඊයේ එම ගෑස් නැව් දෙක පැමිණියා.

ඒ අනුව අදාළ නෞකා උස්වැටකෙයියාව ප්‍රදේශයේ නැංගුරම්ලා තිබෙනවා.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම 2022-2023 වසර සඳහා ගෑස් ලබා ගැනීමට අදාළ ටෙන්ඩරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව නව ටෙන්ඩරය වසරක කාලයකට සීමා කර ඇති අතර ගෑස් සඳහා ගෙවීම් ඩොලරයට පමණක් සීමා නොවී ඕනෑම මුදල් ඒකකයකින් ගෙවීම් සිදු කළ හැකි වීම, ලෝක වෙළෙඳපොළේ මිල පහත යන අවස්ථාවල එහි වාසිය ජනතාවට ලබා දිය හැකිවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කර තිබේ.

පවතින ගෑස් හිඟය හේතුවෙන් ජනතාව භූමිතෙල් භාවිතයට පෙළඹී ඇති අතර පවතින තත්ත්වය හමුවේ වෙළඳපොලේ වළං මිලද ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

තවද ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මේ වනවිට තම දෛනික ගෑස් පිරවුම් සහ ගෑස් බෙදා හැරීමේ කටයුතු දෛනික අවශ්‍යතාවට වඩා වැඩියෙන් නිකුත් කරමින් යථා තත්ත්වයට පත්කොට ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දැනට ගෘහස්ත සහ වාණිජ වෙළඳපල අවශ්‍යතාවට සරිලන පරිදි ගෑස් තොග තම සමාගම සතුව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles