මුතූර්හී බස් – ටිපර් අනතුරකින් පුද්ගලයින් 26ක් රෝහලට

0
334

මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී බස්රථයක් ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (10) උදෑසන 08 ට පමණ සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසුවේය.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිගම, හලාවත, පොළොන්නරුව, මීරිගම, මාතලේ යන ප්‍රදේශවලදී එම අනතුරු සිදුව ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here