කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් කෙරේ

0
323


2022.04.12 දින සිට ක්‍රියාත්මක වන පරිදි මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

නව උපකුලපතිවරයා ව්‍යාපාර, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව, කළමනාකරණ සහ මූල්‍ය පීඨයෙහි ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයෙකු වන අතර, හෙතෙම 1990 වර්ෂයේ දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී ( විශේෂ උපාධිය, පළමු ගෞරව)සහිතව සමත් වනුයේ ජයවර්ධනපුර වීශ්ව විද්‍යාලයෙන්.

1997 දී ආර්ථික විද්‍යාව විෂය සම්බන්ධයෙන් ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් පශ්චාත් උපාධියකින් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් තවත් උපාධියකින් ද සමන්විත විද්වතෙක්.

ජපානයේ නගෝයා සරසවියෙන් ම සිය මහාචාර්ය උපාධිය දිනූ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න සරසවි මහැදුරෙකු මෙන්ම දරුවන්ගේ විෂය දැනුම සඳහා විෂයානුබද්ධ කෘති ගණනාවක් ද රචනා කර තිබෙනවා.

ඒ අතර ‘සාර්ව ආර්ථික විද්‍යා ප්‍රවේශය, ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, Values And Diversity Organizational Work Ethicality’ ආදී විවිධ බසින් රචිත කෘති ගණනාවක් ද ඇතුළත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here