2021 වසරේදී මෙරට අධිවේගී මාර්ගවලින් වැඩිම ආදායම – රුපියල් බිලියන 8.8 ක්

0
309

පසුගිය 2021 වසරේදී මෙරට අධිවේගී මාර්ගවලින් රුපියල් බිලියන 8.8 ක ආදායමක් උපයා තිබෙන බවත් ඒ අනුව එක්රැස් කරගෙන ඇත්තේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ගතවූ 2021 වසරේදී අධිවේගී මාර්ග ජාලය ඔස්සේ ගමන් ගත් වාහන සංඛ්‍යාව මිලියන 38.6 ක් වන අතර මෙම ආදායම පෙර වසරට සාපේක්ෂව 21% ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම්වලින් පසුගිය වසරේ ඉපයූ ආදායම රුපියල් බිලියන 4.5 ක් වන අතර, කටුනායක අධිවේගී මාර්ගයෙන් සහ පිටත වටරවුම් මාර්ගයේ මෙහෙයුම්වලින් ඉපයූ ආදායම රුපියල් බිලියන 4.3 ක්.

2021 වසරේදී මෙරට අධිවේගී මාර්ගවලින් රුපියල් බිලියන 8.8 ක ආදායමක් උපයා තිබෙන බව
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here