2022 වසරේ පළමු සති දෙක තුල ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

0
339

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ජනවාරි 15 වැනි දින ප්‍රකාශ කළ පරිදි, 2022 වසරේ පළමු සති දෙක තුළ දී දිවයින පුරා ඩෙංගු රෝගීන් 3900 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ 2021 වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඩෙංගු ආසාදන අනුපාතයේ සැලකිය යුතු ඉහළ යාමක් දැකිය හැකි බවයි.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට බලධාරීන්ට සහය වන ලෙස වෛද්‍ය සෙනෙවිරත්න මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here