චීනයෙන් මෙරටට සහල් ප්‍රදානයක්

0
320

චීනයෙන් සහල් තොගයක් ප‍්‍රදානයක් වශයෙන් මෙරටට ලැබෙනු ඇතැයි වෙළඳ අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

මෙම සහල් ප‍්‍රදානය කෙරෙනුයේ චීන – ශ‍්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට හැත්තෑ වසරක් සපිරීම නිමිත්තෙනි.

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වාණිජ අංශ ප‍්‍රධානී ලී ගුවැන්ජුන් මහතා අතර පසුගියදා පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡුා වී ඇත.

මෙම ප‍්‍රදානය කිරීමට චීන තානාපති කාර්යාලය මේවන විට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ද එම ප‍්‍රකාශකයා පැවසීය.

වෙළෙඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා චීන තානාපති කාර්යාලය අතර සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු සිදුකෙරේ. මෙරට ජනතා වැඩියෙන් භාවිත කරනු ලබන සහල් වර්ගය හා ප‍්‍රමාණය පිළිබඳව චීන තානාපති කාර්යාලය දැනුවත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අනුර බාලසූරිය – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here