කොරෝනා වසංගතය මැදත් ඉන්දියාව නැගිටියි.

0
842

වසංගත තත්වය මධ්‍යයේ වුවද ඉන්දියාවේ ආර්ථිකය පැහැදිලි මාවතක් ඔස්සේ වර්ධනය වෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනාවරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ලෝක ආර්ථික තත්වය සහ අනාගතය පිළිබද වන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2022 මූල්‍ය වර්ෂයේ දී ඉන්දියාවේ දලදේශිය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 6.5 ක් වනු ඇති බවයි.

මීට පෙර එය සියයට 8.4 ක් වන බවට පුරෝකතනය කර තිබුණත් වසංගත තත්වය හේතුවෙන් එය මෙළෙස අඩුවී ඇති බව එම වාර්තාවේ සදහන් වේ.

කෙසේවෙතත්, වසංගතය හමුවේ දියත් කළ දැවැන්ත එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් ඉන්දියාවේ ආර්ථිකය කඩාවැටීමකින් තොරව පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here