පැසිෆික් සාගර කලාපයේ සුනාමි අවදානම් තත්ත්වය පහව යයි

0
253

පැසිපික් සාගරයේ පිහිටා තිබෙන ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් රටවල් කිහිපයකට බලපෑ සුනාමි අවදානම් තත්ත්වය මේ වන විට පහව ගොස් තිබෙනවා. 

මේ අනුව ඇමරිකාව – ජපානය – ඔිස්ට්‍රෙිලියාව – ෆිජී ඇතුලු රටවල් රැසකට නිකුත් කර තිබූ සුනාමි අවධානම් නිවේදනද ඉවත් කර තිබෙනවා.

ටොන්ගා රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයකට මෙම සුනාමි තත්ත්වය බලපා ඇත.

 පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ සුනාමි තර්ජනය පහව ගොස් ඇති නමුත් ශක්තිමත් හෝ අසාමාන්‍ය ධාරා සහිත මුහුදු රැලි සම්බන්ධයෙන් වෙරළ ආශ්‍රිත ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.

සාගර පත්ලේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ඊයේ හටගත් සුනාමි තත්වය හමුවේ ටොංගා රාජ්‍යයේ සිදුවූ පුද්ගල හෝ ජිවිත හානි පිළිබඳ නිල තොරතුරු කිසිවක් මේ දක්වා වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here