අද උතුම් දුරුතු පොහොය දිනයයි

0
265

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ.

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පළෛාස්වක පොහොය දිනකය.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත.

බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.

දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here