විදුලි සැපයුම ගැන විදුලිබල අමාත්‍යංශය සහ තෙල් සංස්ථාව අතර සාකච්ඡාවක්

0
266

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යංශය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කලේ ලබන 22 වනදා තෙක් අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නැයි තෙල් සංස්ථාවෙන් මෙහිදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

පෙරේදා දිනයේදී ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000 ක් ලබාදීම හේතුවෙන් හෙට දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ගාමිණී ලොකුගේ මහතා කියාසිටියා.

කෙසේවෙතත් වාර්ෂිකව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තෙල් සංස්ථාවට දන්වන බැවින් අද දිනයේදී ඛනිජතෙල් සංස්ථාවත් සමග නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here