Monday, September 23, 2024

මෛත්‍රී සිරගත කිරීමේ සැලසුමක් ගැන දයාසිරි⁣ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දේශය පුවත්පතට සඳහන් කර ඇත.

ඒ අතර විවිධ හේතු මත ශ්‍රීලනිපයේ සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් දෙපාර්ශවයට චෝදනා කිරීම නිසා හටගෙන ඇති අරගලය දේශපාලන පිපිරීමකින් නුදුරේදීම අවසන් වනු ඇතැයි දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයන් දෙදෙනෙක් දේශයට පැවසූහ.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා ආණ්ඩුවේ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කිරීම නිසා ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙසට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමට තීරණය කර තිබේ. ඒ වෙනුවෙන් පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් ඉදිරි සතියේ ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවීමට තීරණය කර ඇතැයි සඳහන්ය. එසේම ශ්‍රීලනිපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවක් ගෙන එමින් තම පක්ෂයට දන්වා ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ නොසිට ඉවත් විය යුතු බවය. එම යෝජනාව ඉදිරියේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට ද තීරණය කර ඇත. එහෙත් ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් ඊට අකැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඔවුන් දන්වා ඇත්තේ තවදුරටත් ශ්‍රීලනිපය ආණ්ඩුව සමඟ සිටිය යුතු බවය.

කෙසේ වෙතත් එක්තරා රාජ්‍ය අමාත්‍යවරයකු කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන බවද දැනගන්නට ඇත. මෙම දේශපාලන පිපිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ තවම ආණ්ඩුවෙන් ඉවත් වීමට නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බවත් එය මධ්‍යම කාරක සභාව විසින් ගනු ලබන තීරණය ඔස්සේ සිදු කරන බවත්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles