Monday, September 23, 2024

ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් පුටුවට පත් වෙද්දී අගමැති ලේකම් පුටුවට අනුර දිසානායක එයි

වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ලබන 20 වෙනිදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතව ඇත .

මේ අතර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස අනිද්දා (19)වැඩ බාර ගැනීමට නියමිතය.


ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය පී බී ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා ඉල්ලා අස් වූ අතර ඔහුගෙන් හිස්වූ පුරප්පාඩුවට ගාමිණී සෙනරත් මහතා පත් කරනු ලැබීය

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ගාමිණී සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ද කටයුතු කළේය .

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත අනුර දිසානායක මහතා ද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි .ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles