අඩු ආදායම්ලාභීන් සඳහා නොමිලයේ සූර්ය කෝෂ ලබාදීමට විදුලි බල අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවා.
එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකිරීමට නියමිතයි.
මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කෙරෙන බව සඳහන්ය.