ඉඩම් ඇමති කඩුවෙල අක්කර 185 ක් නොමිලේ දෙන්න හැදුවෙ කුමන ව්‍යාපාරිකයාටද ?

0
271

ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන විසින් කඩුවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 185 ක ඉඩමක් ව්‍යාපාරිකයෙකුට නොමිලේ ලබාදීමට උත්සහ කර ඇත.

අදාළ යෝජනාව ඊට පෙර සතියේ මෙන්ම පසුගිය සතියේද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවට මාධ්‍ය අනුමාන කිරීම් සිදු වූ නමුත් කැබිනට් අමාත්‍යවරුන් රැසකගේ දැඩි විරෝධය හේතුවෙන් චන්ද්‍රසේන අමාත්‍යවරයාට එම පත්‍රිකාව ඉල්ලා අස්කර ගැනීමට සිදු විය.

කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව පිටුපස සිටින යැයි කියන ව්‍යාපාරික පුද්ගලයාගේ නම හෙළි කිරීමට මෙම වාර්තා අසමත් විය.

මෙම වටිනා ඉඩම ප්‍රකට ප්‍රකෝටිපතියෙකු වන නන්දන ලොකුවිතාන මහතාට නොමිලයේ ලබා දීමට චන්ද්‍රසේන අමාත්‍යවරයා උත්සාහ දරා ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඩුබායි හි මැරියට් හෝටලය හිමි ලොකුවිතාන මහතා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ වානේ කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කර ඇත. ප්‍රකෝටිපතියා පසුගිය දිනක ද කළුතර ප්‍රදේශයේ විශාල ටයර් කම්හලක් ආරම්භ කළ බව පැවසේ.

එම ඉඩම ලොකුවිතාන මහතාට ලබා දෙන ලෙස චන්ද්‍රසේන ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ ආණ්ඩුවේ තවත් ප්‍රබලයකු බව විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here