Tuesday, May 21, 2024

දුම්රියට තෙල් තව දින 4 කට පමණයි

දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් තොග ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් තිබෙන බවත් තවත් දින හතරකට පසුව දුම්රියට අවශ්‍ය ඩීසල් දෛනිකව ලබා නොදුන්නොත් දුම්රිය ධාවන කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

දුම්රිය ධාවන කටයුතුවලට අවශ්‍ය ඩීසල් ලීටර් ලක්‍ෂ පහක් හයක් පමණ ධාවනාගාරවල ගබඩාකර තිබුණත් මේ වනවිට එම සංචිත පහළ බැස ඇතැයි ද එම සන්ධානය සඳහන් කරනවා.

දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු එස්.ජී.විතානගේ මහතා පැවසුවේ තවත් දින 4කින් පමණ දිනකට පසු ප්‍රමාණවත් තොග නොලැබුණහොත් දුම්රිය ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවයි.

කොවිඩ් වසංගතයට පෙර, දිනකට දුම්රිය ගමන් වාර 344 ක් ක‍්‍රියාත්මක වුවත් මේ වනවිට දිනකට ධාවනය වන්නේ දුම්රිය ගමන්වාර 240 ක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

ගබඩාවේ ඩීසල් ලීටර් ලක්ෂ 5ත් 6ත් අතර තොගයක් තිබුණද දිනකට ඩීසල් ලීටර් 90,000ක් පමණ අවශ්‍ය වන බැවින් මේ වන විට ඉන්ධන සංචිත අඩු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ දිනවල ධාවනය වන දුම්රිය ගමන්වාර සඳහා දිනකට ඩීසල් ලීටර් 90,000 ක් පමණ අවශ්‍ය වන බවත් තව දින හතරකින් පමණ තිබෙන සංචිත ප‍්‍රමාණයත් අවසන් වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය. එසේ වුවහොත් දුම්රිය ධාවනයට අවශ්‍ය ඞීසල් දෛනිකව ලබාදීමට සිදුවන බවත් එසේ නොවුණහොත් දුම්රිය ධාවන කටයුතුත් කොට උඩ යනු ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles