මල්වාන නිවස හැදුවේ මගේ සල්ලිවලින් කීවේ බලපෑම් නිසා – මුදිත ජයකොඩි අධිකරණයේදී කියයි

0
300

මල්වානේ නිවස ඉදි කිරීමට ගිය වියදම සිදුකර වියදම් කළේ තමන් විසින් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැසුවේ තමන්ට එල්ල වූ බලපෑම් මත බව වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා සඳහන් කළේය.

මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි විශාල ප්‍රමාණය නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කළේ යැයි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා ගොනු කරමින් පවරා ඇති නඩුවට මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

නිවසට අදාළව ආදායම් බදු ගෙව්වේ තම සමාගමෙන් බවද පැවසූ ඔහු එම නිවසේදී කිරීමට අනුමැතිය ගැනීමට අයදුම්කරු ලෙස ඉදිරිපත් වී එය ඉදිරිපත් කළේ රාජපක්ෂ පදනම කාර්යාලය විසින් බවද සඳහන් කළේය.

නඩුව මාර්තු මස 11 වන දින තෙක් දමන ලද අතර එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස බැසිල් රාජපක්‍ෂ, තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුනට නියෝග කළේය.

මේ අතර පසුගිය නොවැම්බර් 01 වැනිදා අදාල නඩුවේදී සාක්‍ෂි දුන් මුදිත ජයකොඩි කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here