සීත සෟතු ඔලිම්පික් උළෙලට සති දෙකක් තිබියදී අනුග්‍රාහක ගැටලු රැසක්.

0
624

සීත සෟතු ඔලිම්පික් උළෙල ඇරඹීමට සති දෙකක පමණ කාලයක් තිබිය දී අනුග්‍රාහක සමාගම් සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව ඇතැයි වාර්තා වේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කරන්නේ චීනය සහ ඇමරිකාව අතර මේ සම්බන්ධයෙන් පවතින විරසකය හේතුවෙන් බහුජාතික සමාගම් රැසක් අනුග්‍රාහකත්වය සැපයීමට අදාළව බලපෑම්වලට මුහුණ දී ඇති බවයි.

තවත් සති දෙකකින් 2022 සීත සෟතු ඔලිම්පික් උළෙල චීනයේ ‍බෙයිජිංහි දී ඇරඹීමට නියමිත අතර ඊට තම රටවලින් ක්‍රීඩකක්‍රීඩිකාවන් සහභාගි කළත් එය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් වර්ජනය කිරීමට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් තීරණය කර තිබේ.

මේ අතර ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගණනාවක් උළෙල සදහා අනුග්‍රහය සැපයීමෙන් වැළකී සිටීමට දැවැන්ත සමාගම් වෙත විවිධ බලපෑම් කරමින් ඇතැයි ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here