Sunday, May 19, 2024

චීනය සමග තරග කරන්නට ඇමරිකානු නායකයන්ට වැඩි බලයක්!

COMPETE හෙවත් ඇමරිකානු අභියෝග ජයගැනීමේ පනත 2022 නමින් වන නව පනත් කෙටුම්පතකට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙය චීනයේ ක්‍රියාකාරකම් තරගකාරී ලෙස අභියෝගයට ලක්කිරීම සදහා ඇමරිකානු නායකත්වයට බලය හිමිවන ආකාරයේ නව නීති ඇතුළත් පනත් කෙටුම්පතක් බව සදහන්.

‍අන්තර්ජාතික කටයුතුවලදී ඇමරිකාවට එල්ලවන අභියෝග ජයගැනීම සදහා අවශ්‍ය තීන්දුවලට එළඹීමට ඇමරිකානු නායකත්වයට මෙමගින් සුවිශේෂී බලතල ලබාදී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා.

ජාතික ආරක්ෂාව, මූල්‍ය ආරක්ෂාව ,අභ්‍යවකාශ ක්ෂේත්‍රය, ආදි අංශවල ඇමරිකාවේ බලය චීනයෙන් ආරක්ෂා කර ගැනීම මෙම නව නීතියේ මූලික අරමුණ බව සදහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles