Tuesday, May 7, 2024

ප්‍රියන්ත කුමාර පන්නයේ ඝාතන 89ක් පකිස්තානයේ.

පකිස්තානය බිහිවූ 1947 සිට 2021 දක්වා වන වසර 75 ක කාලය තුළදී පුද්ගලයන් 89 දෙනෙකු පමණ ආගමික අපහාසය පදනම් කරගෙන එරට තුළ දී නීතිවිරෝධී ලෙස ඝාතනයට ලක්ව ඇති බව අනාවරණය වේ.

ශ්‍රී ලාංකික ඉංජිනේරැවකු වන ප්‍රියන්ත කුමාර පසුගියදා පකිස්තානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වීම මීට අදාළ ආසන්නතම සිදුවීම වේ.

ආරක්ෂක අධ්‍යයන සහ පර්යේෂණ කේන්ද්‍රය විසින් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරැ අනාවරණය කරගෙන තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 71 දෙනෙකු මෙළෙස ආගමික අපහාසයට අදාළව පකිස්තානය තුළ දී නීති විරෝධී ලෙස ගත වූ වසර 75 තුළ ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙම සිදුවීම් ප්‍රසිද්ධියට පත්වුණු සහ වාර්තා වුණු ඒවා වන අතර මේ සම්බන්ධ සැබෑ අගයන් ‍මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව එම කේන්ද්‍රය වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles