සමගි ජන බලවෙිගය සමග එකතු වෙන එක හොඳයි

0
307

සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  මහනුවරදී පැවසුවා.

රටේ ප්‍රශ්න විසඳන්නට නම් සමගි ජන බලවේගය ,එක්සත් ජාතික පක්ෂය පමණක් නොව පක්ෂ ගණනාවක් එකම වේදිකාවකට පැමිණිය යුතු බවද විජයවර්ධන මහතා සඳහන් කළා.

මහනුවර සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායකයා කීවෙි හරි වෙලාවට සියලු කණ්ඩායම් එකතු වනු ඇතැයි තමා සිතන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here