ඉදිරි වසර තුනක කාලය තුළ ජනතාවට ලබා දිය හැකි උපරිම සහන ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
එමෙන්ම විපක්ෂයට මෙම පරම්පරාවේ දී බලයට ඒමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙම වසර අවසානයට පෙර ගෙවිය යුතු සියළු ණය ගෙවා දමන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ කුරුණෑගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මේ අවුරුද්දේ පමණක් අපිට සමස්ථ ණය ප්‍රමාණය සහ පොලිය ඇමරිකන් ඩොලර් බිලියන 6.9.ක්. මම මේ රටේ ජනතාවට, අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් සහතික වෙනවා, හැම ඩොලර් එකක්ම අපි මේ වර්ෂයේ ගෙවනවා ගෙවනවාමයි. ඒකට අපිට ශක්තියක් තියෙනවා. ඒක වගකීමෙන් කියන්නේ. හැබැයි මම ඉල්ලනවා විපක්ෂයෙන් ණය ගෙව්වෙ නැත්තන් බණින්න.
විපක්ෂයට මේ පරම්පාරාවෙදි නම් ආයෙත් බලයට එන්නෙ නෑ, ජොන්ස්ටන් ඇමතිතුමාලා ඉන්නකල්. හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාර දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධිෂ්ඨාන කරගෙන තියෙනවා. ඒක අපි කියන්න ඕනි.”