Saturday, May 18, 2024

රෝසි සේනානායක පුෂ්පිකාගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ  පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ හිටපු මිසිස් වර්ල්ඩ් රෝසි සේනානායක මහත්මිය තමන්ට මිසිස් වර්ල්ඩ් කිරුළ අහිමි කළ බවයි.

මිසිස් ඇමරිකා පසුගියදා මිසිස් වර්ල්ඩ් කිරුළ දිනාගත් අතර ශ්‍රී ලංකාවේ පුෂ්පිකා ද සිල්වා පළමු තරගකාරියන් හය දෙනා අතරට පැමිණ සිටියාය.

කෙසේ වෙතත්, ඇhතැම් විනිසුරුවරුන් තමන්ට ඡන්දය දුන් බව පැවසූ බව පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ අවසන් මහා තරගයට  සහභාගී වූ රෝසි සේනානායක එම තීරණය වෙනස් කිරීමට සංවිධායකයින්ට බලපෑම් කර කිරුළ ඇයට අහිමි වකළ බවට ඇය සැක කරන බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන සේනානායක මහත්මිය පුද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන ලෙස ද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles