3% ප්‍රතිශතය 80%ක් වෙලා. 2024 ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න ජනතාව දැනටමත් පෙළගැහිලා ඉන්නවා.

0
404

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පාර්ශවයට 3% ක්ව පැවති ඡන්ද ප්‍රතිශතය අද වන විට 80% ක් පමණ වර්ධනය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මෙය කිසිසේත්ම අධිතක්සේරුවක් නොවන බවත් 2024 දී අනිවාර්යෙන්ම තම පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාවක් දැනටමත් පෙළගැසී සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් හා සාකච්ඡාවකට  එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබුණි.

විධායක බලයක් සහිතව තුනෙන් දෙකේ බලයක් සහිත 69 ලක්ෂයක ඡන්ද බලයක් සහිත ආණ්ඩුවට අද වන විට ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් ලැබී නැති බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here