මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් මෙි දක්වා කිසිදු ඉල්ලීමක් නෑ – IMF

0
459

මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් මේ දක්වා කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එවැනි ඉල්ලීමක් ලදහොත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී මසාහිරෝ නොසාකි සඳහන් කර ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය බදාදා දිනයේදී අනාවරණය කරනු ලැබුවේ දැනටමත් ක්‍රියාත්මක තාක්ෂණික සහය ලබාගැනීමක් පිළිබඳ මිස ණයක් අයදුම් කිරීමක් කෙරෙහි නොවන බව මසාහිරෝ නොසාකි අවධාරණය කරනවා.

මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ සේවකයන් පුහුණු කිරීමයි එහිදී සිදුවන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළා.

පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් විසින් සිදුකල සමාලෝචනවලට අදාළව මෙම මාසය අවසානයේදී පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී නැවත විමසා බැලීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී මසාහිරෝ නොසාකි කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here