Friday, May 17, 2024

අපිට අහිමි වී ඇති සහ අහිමි කොට ඇති නිදහස දිනාගැනීම උදෙසා අපි නැවත නැවතත් අරගල කළ යුතුයි

රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීම උදෙසා තව තවත් නිදහස් අරගල සහ සටන් අවශ්‍යව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හෘද සාක්ෂියට එකගව අපි ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙන බවත් එදා දිනාගත්තු නිදහස පූර්ණ වශයෙන් භුක්ති විදින්නට හැකියාව ලැබී තිබෙනවා දැයි යන්න අප විමසා බැලිය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

අද (04) පෙරවරුවේ’කොල්ලූපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමය වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත ත්‍රිපිටකාචාර්ය මකුලෑවේ ශ්‍රී විමලාභිනන්දන නාහිමිපාණන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය ඇතිව සංවිධානය කොට තිබූ 74 වන නිදහස් දින සමරුවට එක් විය.

යටත් විජිතයක්ව තිබූ දේශයට නිදහස ලබා ගැනීම උදෙසා කැපවූ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිදුන් ප්‍රමුඛ ජාතික විරුවන් සිහි කරමින් විපක්ෂ නායකතුමා ඩී.එස් සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින්’ උත්තමාචාරය සහ උපහාරය පුද කරන ලදි.

අපිට අහිමි වී ඇති සහ අහිමි කොට ඇති නිදහස දිනාගැනීම උදෙසා අපි නැවත නැවතත් අරගල කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා,පොදුවේ රට මුහුණ මුහුණදී ඇති ගැටළු පිළිබඳව පටු ආකල්ප වලින් තොරව කල්පනා කළ යුතු බවද පැවසීය.

මෙි අතර රට ගමන් කරන දිසාව කුමක්දැයි ආණ්ඩුවේ කිසිවෙක් නොදන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොට්ටාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පවසා සිටියා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ පිරිස් පරස්පර මත පළ කරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

තමා සාම්ප්‍රදායික විපක්ෂ නායකවරයෙක් නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles