9 වන පාර්ලිමේන්තුවෙි දෙවන සැසිවාරයට අදාළව COPE සහ COPA කමිටුවට සාමාජිකයන් පත් කෙරේ

0
399


9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරයට අදාළව ගිණුම් කාරක සභාව හෙවත් කෝපා සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළව සාමාජිකයින් නම් කර තිබෙනවා.

එක් කාරක සභාවකට සාමාජිකයින් 22 නෙකු බැගින් පත් කර ඇති බවයි අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය දැනුම් දෙනු ලැබුවේ.

එමෙන්ම, මහජන පෙත්සම් පිළිබද කාරක සභාව ඇතුළු තවත් කාරක සභා කිහිපයක් සඳහා නම් කළ සාමාජිකයන්ගේ නම් ද නියෝජ්‍ය කථානායකවරයා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සඳහා පත්කළ සාමාජික මන්ත්‍රීවරුන් පහතින් දැක්වෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර
රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක
රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ
රාජ්‍ය අමාත්‍ය අචාර්ය නාලක ගොඩහේවා
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර
පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

මෙම කාරක සභා ඉදිරියේදී රැස්වීමෙන් පසු ඒවාට සභාපතිවරුන් පත් කර ගනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here