Sunday, May 19, 2024

ඇමති සමග සාකච්ඡා අසාර්ථකයි.සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වරල්ල සමග සෞඛ්‍ය වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

දිවයින පුරා රෝහල් රැසක හෙද හෙදියන්, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද දෙවන දිනට ත් ක්‍රියාත්මක විය.

ඒ හේතුවෙන් රෝහල් රැසක කටයුතු වලට බාධා පැමිණ තිබෙනවා.

ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට වෘත්තිය සමිති 17 ක් එක්ව සිටී.

වර්ජනයේ නියුතු රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සාකච්ඡාවකට පැමිණෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දි තිබූ අතර එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ අනුව සිය ඉල්ලීම්වලට අපේක්ෂිත විසදුම් නොලැබීම හමුවේ වැඩවර්ජනය අත්හිටුවීමට තත්වයක් නොමැති බවද සමන් රත්නප්‍රිය මහතා සදහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles