දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කරමින් විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහිව පොලු භාවිතා කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“පසුපෙලින් අපේ හඬ” නැමැති මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඊයේ(08) හෙතෙම මෙම අදහස් පල කරන ලදි.
දේශපාලන පක්ෂවල යටි අරමුණු සපුරා ගැනීමට, දේශපාලන පක්ෂවල අනුග්‍රහය යටතේ සිදුවන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත්ව ඇති බවත්, ජවිපෙ මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායකට සහ විජිත හේරත්ට එල්ල වූ බිත්තර සහ ගල් ප්‍රහාරවලට සමානව විරෝධතාකරුවන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අංශයේ සේවාවන් අඩාළ වීම නිසා ඇති වූ මහජන විරෝධය ගැන අදහස් දක්වමින් කුට්ටිආරච්චි පවසා සිටියේ මහජනතාවට සිය අප්‍රසාදය පළ කිරීමට ඇති එකම මාර්ගය බැටන් පොලුවලින් සංග්‍රහ කිරීම බවයි.
“දේශපාලන සහාය ලබන මෙම වෘත්තීය සමිති රජය සමඟ ගැටලු තිබේ නම්, ඔවුන් මහජනතාව අපහසුතාවට පත් කිරීම වෙනුවට රජය සමඟ ඒවා විසඳා ගත යුතුයැයි” ඔහු වැඩිදුරටත් පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වු තිස්ස කුට්ටිආරච්චි මහතා
අපි කිහිප දෙනෙක් ගිහිල්ලා අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති මන්දිරයෙදි හමුවුනා. එහිදි අපි එතුමන් සමඟ වර්තමානයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කලා.
‘‘අපි පෞද්ගලිකව එතුමන්ගෙන් ඉල්ලුවා, ජනතාව බලයට එනකොට බලාපොරෝතු උනේ හිට්ලර් වගේ නායකයෙක්. ඒවගේම පුටින් වගේ නායකයෙක්, ඔබතුමා ගැන සුදු වැන් ගැන කිව්වට, කිඹුල්ලු ගැන කිව්වට, බහුතර ජනතාවක් ජන්දය දුන්නේ ඔබතුමා ශක්තිවන්ත නායකයෙක් විදියට වැඩකරයි කියලා.
හැබයි ජාත්‍යාන්තරය හා ගණුදෙණු කිරීම සහ රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරිම සදහා බොහෝම නිහතමානි පාලනයක් ගෙනයන්න තමයි උත්සාහ කළේ.
ඊයේ ඔබතුමාගෙන් අපි ඉල්ලුවා නිහතමානි පාලනය සේම ඔබතුමාගේ අර සැඟවිලා ඉන්නවා කියන චරිතය එළියට අරගෙන දරදඬු පාලනයක් කෙටි කාලයකට හරි ගෙනියන්න. එහෙම නැතිව මේ වැඩේ කරන්න පුළුවන් කමක් නෑ.’’