පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලිය ලබාදීම අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් මහජන කොමිෂන් සභාවේ දී ඊයේ (12) පැවැත්වුණා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
කෙසේ වෙතත් අදාල සාකච්ඡාවේ තීන්දු තීරණ පිළිබඳව අඟහරුවදා මාධ්‍ය දැනුවත් කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
ඉදිරි කාලයේ දී විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජල සැපයුමේ අර්බුදයක් මතුව තිබෙනවා.
ජල විදුලි බලාගාරවල ද ජල මට්ටම දරුණු ලෙස පහළ බසිමින් තිබෙන පසුබිමක මාවුස්සාකැලේ, කොත්මලේ වික්ටෝරියා සහ රන්දෙණිගල ආදී ජලාශ මෙම අර්බුදයට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ විදුලිබල මණ්ඩලය අවශ්‍ය ඉන්ධන ලබා දුනහොත් රටේ අනෙකුත් කාර්යයන් සඳහා ඉන්ධන හිඟවීමේ ඉඩ ඇති බවයි.
මෙවන් පසුබිමක විදුලි පරිභෝජනය අවම කිරීම වඩාත් කාලෝචිත විසඳුමක් වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.