යුධ අපරාධකරුවන්ට “නීතීඥ ගාස්තු“ රජයෙන්

0
935
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඒකමතිකව සම්මතවූ මානව හිමිකම් යෝජනාව අනුව ශ්‍රී ලංකා රජය ඇතිකරන දේශීය යාන්ත්‍රණය යටතේ යුද අපරාධ චෝදනා එල්ලවන පුද්ගලයන්ගේ නීතිඥ ගාස්තු රජයෙන් ගෙවීමට යයි.
ඇමැති පාඨලී චම්පික රණවක මහතා හමුදා නිලධරයන් පිරිසකට එම ප්‍රතිඥාව ලබාදී ඇත.
ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් හමුදාව දැනුවත් කර ඔවුන් සමග සමග සාකච්ඡා කිරීමේ බලය ජනපති හා අගමැති විසින් ඇමැති රණවක මහතාට පවරා ඇත.
හමුදා නිලධරයනට හා සෙසු නිලධරයනට එල්ලවන චෝදනාවලදී ඔවුන් වෙනුවෙන් රජයේ මැදිහත්වීම රණවක ඇමැතිවරයා,  අවස්ථා කිහිපයකදීම හමුදාවට පැහැදිලි කර දී ඇත.
දේශීය යාන්ත්‍රණය හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් නොවන බව ඔවුන්ට අවධාරණය කර ඇති  ඇමැතිවරයා, එම යාන්ත්‍රණය ලොවට පිළිගත හැකි තත්ත්වයට පත් කිරීම සඳහා විදේශ විශේෂඥයන්ගේ සහාය පමණක් ලබාගන්නා බව පවසා ඇත.
දඬුවම් කරන්නෙත් නැතිලු !
මේ අතර විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසා ඇත්තේ සත්‍ය ගවේෂණ කොමිසම හමුවේ කරන පාපොච්චාරණවලට දඬුවම් නොකරන බවයි.
 සත්‍ය ගවේෂණ කොමිසම ආගමික නායකයන් වැනි කාරුණික පිරිස්වලින් සමන්විත වන බවත් සමාව දීමේ අයිතිය ඔවුනට පැවරෙන බවත් ඇමැති කියයි.
මූලාශ්‍ර – ලංකාදීප වෙබ් අඩවිය (http://www.lankadeepa.lk/index.php/articles/353711)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here