ලෝක වෙළඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඉහළට

0
375

රත්තරන් අවුන්සයක් ලෝක රත්තරන් වෙළඳපොළේ ඩොලර් 30 කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ලෝක රත්තරන් වෙළඳපොලේ මීට සති දෙකකට පමණ පෙර රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1830 ක්ව පැවතුණ ද ඩොලර් 30කට ආසන්න මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 115,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 124,500 ක පැවතුණ ද අද ආරම්භ වන නව සතියේ පවුමක් රුපියල් 4000 කට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here