Friday, May 17, 2024

මාධ්‍යවේදී චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අළුයම පැමිණි ආයුද සන්නද්ධ පිරිසක් ඔහුට මැර තර්ජනය කර පලාගොස් ඇති බව වාර්තා වෙයි.

අද (14) අළුයම 2ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ආයුද සන්නද්ධ තිදෙනෙකු පිළියන්දල චමුදිතගේ නිවස පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ එහි ආරක්ෂක නිලධාරියාට ගිනි අවි පෙන්වා නිවසට ඇතුළු වීමට උත්සහ කර තිබේ.

සුදු පැහැති  වෑන් රථයකින් පැමිණි මේ පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුමේ ගේට්ටු බලහත් කාරයෙන් විවෘත කරවාගෙන එහි සිටි ආරක්ෂක අංශ සේවකයාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුට තර්ජනය කර බියවද්දා මේ පිරිස නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පැමිණි පුද්ගලයින් සිය නිවසට ගල් මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවට මුදිත සමරවික්‍රම වැඩිදුරටත් කියා සිටියා.

ඉන් පසු නිවසට අසුචි සහ ගල් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇති අතර පිළියන්දල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර
විමර්ශන පවත්වයි.

පසුව ඔවුන් පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ නිවසේ ජනෙල් බිඳී ඇති අයුරු සහ නිවසට අසූචි ප්‍රහාර එල්ල කර ඇති බවය.

මුහුණු සම්පූර්ණයෙන් වසා සිටි තිදෙනෙකු මෙම ප්‍රහාරයට පැමිණි බව ඔහුගේ නිවසේ සවිකර තිබු CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

සිව්දෙනෙකුගෙන් යුත් නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් වාහනයකින් පැමිණ තමා සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට තුවක්කුවක් තබා තර්ජනය කර ඇති බව ඔහු මාධ්‍ය වෙත පවසයි.

තම යූ ටියුබ් නාලිකාව ඔස්සේද සමාජයේ විවිධ දුෂණ සහ අක්‍රමිකතා හෙළි කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට මීට පෙර අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් පවා තර්ජනය එල්ලවී ඇති බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

මෙි සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කරන ලෙසත්, ඔහුට යම් ජීවිත තර්ජනයක් ඇත්නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles