Monday, April 29, 2024

ලංකාවෙි හොඳට දන්න නගර කිහිපයක ඇති ඔරලෝසු කණු සමග බැදුනු පුදුම හිතෙන කතා

ඔරලෝසු කණු වලින් දැන් එච්චර සේවයක් වෙන්නේ නැති වුනත් කාලෙකට ඉස්සර මේ ඔරලෝසු කණු ජනතාවට අතිශය ප්‍රයෝජනවත් වුනා. දැන් නම් වෙලාව බලන්නේ ඔරලෝසුවෙන් නෙවෙයි අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන්. අද වගේ මෙන් නොව අතීතයේ හැමෝම අතේ වෙිලාවන් බලාගන්න ඔරලෝසු තිබ්බේ නං නැත. කෝට් සාක්කුවේ දාන ඔරලෝසු පාවිච්චි ප්‍රභූ පන්තියේ අය නිසා එයාලගෙන් වෙලාව අහන්නත් සාමාන්‍ය ජනතාවට හැකි වුනේ නෑ. ඒ නිසාම තමයි අද වගේ ඔරලෝසු බහුල නැති කාලෙක මෙම දැවැන්ත ඔරලෝසු කණු ජනතාවට උපරිම විදිහට සේවය කළේ.

මෑතක හදපු ඔරලෝසු කණු මෙන් නොවුනත් ඉස්සර ප්‍රධාන නගර වල හදපු ඔරලෝසු කණු එක්ක බැඳුන සැඟවුණු අපූරු කතා ඇත. දැනට ලංකාවෙ තියෙන පැරණිම ඔරලෝසු කණු විදිහට යාපනය, කුරුණෑගල, කොටුව, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර සහ බදුල්ල වගේ නගර වල ඉදිකරපු ඔරෙලෝසු කණු හඳුන්වන්න පුළුවන්.

මේ ඒ පැරණි ඔරලෝසු කණු සමග බැදුණු ගැන පුදුම හිතෙන රසවත් කත ටිකක්.

1.කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව (හයිබ්‍රිඩි ඔරලෝසු කණුව)

කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවෙි දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. ප්‍රදීපාගාරයක් වූවත් එය වර්තමානය වන විට අක්‍රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.

ගඩොල්වලින් සාදන ලද මීටර් 29 ක් උස මෙම ප්‍රදීපාගාර ලාම්පුව සහිත ඔරලෝසු කණුව, ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය ලෙසද සැලකේ. එසේම කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේද මෙහි සිට බැව් සඳහන්ය.

1860 වසරේදී මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසා මෙම කුළුණ ඉදිකලත්, පසුව 1865 වසරේදී ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කල බව පැවසෙයි. 1913 වසරේදී මෙහි වූ මුල් ඔරලෝසුව ප්‍රතිස්ථාපනය කරන ලදි.

පසුකාලීනව කණුව අවට ඉදිකරන ලද උස් ගොඩනැගිලි හේතුවෙන්, ප්‍රදීපාගාර ආලෝකයට බාධා පැමිණීම නිසා, ඒ අනුව අවුරුදු 50 ක් විතර මේක ප්‍රදීපාගාරයක් ලෙස පාවිච්චි කර ඇත. නමුත් පසුකාලීනව මේ කුළුණට වැඩිය උසින් ගොඩනැගිලි හැදුන නිසා ප්‍රදීපාගාරයේ ආලෝකයට බාධාවක් වෙන නිසා 1952 වර්ෂයේදී කණුවෙහි වූ ප්‍රදීපාගාර ලාම්පුව භාවිතා කිරීම නවත්වා දමන ලදී. ඒ වෙනුවට නව ප්‍රදීපාගාරයක් කොළඹ, ගල්බොක්ක ස්ථානයේ පිහිටුවන ලදි.

මෙය කොළඹ දැනට ඉතිරි වෙලා තියෙන පරණම ඔරලෝසු කණුව තමයි මේක. 1970 දශකය වන තෙක් වෙනස් ස්වරූපයකින් වර්ණ ගන්වා තිබුණ මෙම ඔරලෝසු කණුව අද දකින්න ලැබෙන්නෙ ඒ ස්වරූපයෙන් නං නොවෙි.

2.ඉතිරි සල්ලි වලින් හදපු යාපනේ ඔරෙලෝසු කණුව

එවක වේල්සයේ කුමරු ඇල්බට් එඩ්වර්ඩ් විසින් 1875 වසරේදී සිදුකළ ලංකා සංචාරය සිහිවීම පිණිස මෙම ඔරලෝසු කණුව ඉදිකෙරිණි.

ශ්‍රී ලංකාවෙි උතුරු පළාතේ යාපනය නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන යාපනය ඔරලෝසු කණුව එරට ඇති පැරණි ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය යාපනය නගරයෙහි ඉදිකොට තිබෙන සුවිශේෂ නගර සලකුණක් ලෙසද හැඳින්වෙයි.

1875 වසරේදී එවක වේල්සයේ කුමරු වූ ඇල්බට් එඩ්වර්ඩ් ලංකාව තුල නිල සංචාරයක් සිදුකිරීමට නියමිත බැව් සැලවීමත් සමග, යාපනය වෙනුවෙන් වේල්සයේ කුමරු පිළිගැනීම සඳහා කමිටුවක් නිර්මාණය කර ගැණුනි. එම කමිටුව විසින්, පිළිගැනීම් කටයුතු සිදුකිරීම සඳහා රු.10000 ක පමණ අරමුදල් ප්‍රමාණයක් එක්රැස්කර ගන්නා ලදී. රැස්කරගත් මුදලින් කමිටුව රිදී මංජුසාවක් සහ ආභරණ කට්ටලයක් මිලදී ගත් අතර, එම ත්‍යාගය 1875 වසරේ දෙසැම්බර් 1 වැනි දින කොළඹදී ඇල්බට් කුමාරයාට පිරිනමන ලදී.

කෙසේ වෙතත් කමිටුව මගින් රැස් කර ගත් මුදලින් තවත් රු. 6,000 පමණ මුදල් ප්‍රමාණයක් ඉතිරි වූ නිසා, එම මුදල් භාවිතා කොට ඇල්බට් කුමරුගේ ලංකා ගමන සිහිවීම පිණිස ස්මාරකයක් තැනිය යුතු යැයි අදහස් වූ අතර 1880 ජූලි මස 1 වැනිදා යාපනය කච්චේරියේ තිබූ රැස්වීමකදී, එම මුදලින් යාපනය නගර මධ්‍යයෙහි ඔරලෝසු කණුවක් ඉදිකල යුතු බවට තීරණය විණි.ඒ සඳහා තවත් රු. 4,000 ක පමණ මුදල් ප්‍රමාණයක්ද, දේශීය දායකයන්ගෙන් උපයා ගැනුණි

ඔරලෝසු කණුවෙහි ආකෘතිය නිර්මාණය කිරීම, රජයේ නිර්මාණ ශිල්පියෙකු වූ ජේ. ජී. ස්මිදර් (J. G. Smither) විසින් සිදුකෙරිණි. එවක බ්‍රිතාන්‍ය ලංකා ආණ්ඩුකාරවරයා වූ ජේම්ස් රොබට් (James Robert Longden), කණුව සඳහා ඔරලෝසුව ලබා දුන් බව පැවසෙයි.

1980 දශකයේදී ශ්‍රී ලංකාව තුල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නැගී සිටීමත් සමගම, යාපනය නගරයද ක්‍රමයෙන් පිරිහීමට ලක්වූ අතර, නගරයේ තිබූ අනෙකුත් දේපල වලට හානි සිදුවූවා සේම ඔරලෝසු කණුවටද, ත්‍රස්තවාදී බලපෑම් නිසා හානි සිදුවිය.

ඒ වනවිට වේල්සයේ කුමරු බවට පත්ව සිටි චාල්ස් කුමරු විසින් 1998 වර්ෂයේදී සිදුකල සිය ශ්‍රී ලංකා සංචාරය තුලදී, හානියට පත්ව තිබූ යාපනය ඔරලොසු කණුව යථාතත්වයට පත් කිරිම සඳහා බ්‍රිතාන්‍ය සහාය ලබා දීමට පියවර ගන්නා ලදි. ඒ අනූව ඔරලෝසු කණුවේ ප්‍රතිසංස්කරණය කිරීම් උදෙසා, බ්‍රිතාන්‍ය රජය විසින් රු. මිලියන 1 ක ආධාරයක් සිදු කරන ලදි.

සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කල ඔරලෝසු කණුව 2002 වසරේ ජුනි 19 වන දිනදී, එවක ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වූ ලින්ඩා ඩෆීල්ඩ් (Linda Duffield) විසින් විවෘත කරන ලදි.


3. මාතර ලන්දේසි ඔරලෝසු කණුව


ක්‍රි.ව. 1765 දී ලන්දේසීන් විසින්, මීටර් 12 ක් උස මෙම ඔරලෝසු කණුව නිමවන ලදී. නමුත් සමහර මූලාශ්‍රයන්, මෙම ඔරලෝසු කණුව ක්‍රි.ව. 1883 දී බ්‍රිතාන්‍යයන් විසින් නිමවන ලද්දක් බැව් සඳහන් කරයි.

ඔරලෝසු කණුව හා පැරණි මාතර බලකොටුව, පත්ව සිටි බලධාරීන් විසින් කලින් කලට නඩත්තු කොට ගෙන ගිය බව තොරතුරු දැක්වෙයි. වාරයන් කිහිපයකදී ඔරලෝසු වල ඇතිවූ යම් යම් දෝෂ පිලිසකර කරවූ බවද සඳහන්ය.කෙසේ නමුත් ඔරලෝසු කණුවේ මුල් ආකෘතිය එක් අවස්ථාවකදීවත් වෙනස්කමකට භාජනය නොකළ බව පැවසෙයි.

කෙසේ වෙතත් මෙහි ඉදිකිරීම් ලක්ෂණ අනුව ඉංගී‍්‍රසි පාලන සමයේදී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මෙම ඉදිකිරීමේ ආරම්භක කොටසේ එක් ඇතුල්වීමේ ආරුක්කු හැඩැති දොරටුවක් හා ඒ ආකාරයෙන්ම දිස්වන සේ අනෙක් තෙපසින් සකස් කරන ලද ආරුක්කු 3 ක හැඩයකින් සමන්විත ය. ඉන්පසු ආරම්භ වන කොටස පහලින් වූ කොටසට වඩා අඩු දිග පලළින් යුතුව එක්වරම ඉහළට එසවුණු හතරැස් කඳක් ලෙසින් දිස් වේ.

ඉන් පසුව එකතුකරන ලද කොටසේ මධ්‍යට වන්නට රෝම ඉලක්කම් යොදන ලද ඔරලෝසු 4 ක් දිසා 4 ට වන්නට සවි කර තිබේ. ඔරලෝසු වලට ඉහළින් නැවත ආරක්කු යොදන ලද අලංකාර කොටසක් ද ඉන් පසුව නැවත ගරාදි වැටක් වැනි කොටසක් ද සහිතව ඉදිකර තිබේ. කණුවේ මුළු හතර සැමවිටම පැන්නුම් දාරයකින් හා කට්ට පෙළකින් සරසා තිබේ.

ඈතට දිස්වන සේ සුදු පැහැති මෙම ඔරලෝසු කණුව මාතර බලකොටුවේ ඇතුළතට වන්නට ඉදිකිරීමෙන් පැහැදිලි වන්නේ මෙය ඉංගී‍්‍රසි ජාතිකයින් විසින්ම ඉදිකරන්නට ඇති කෙළවරකට මෙම හෝරා ස්ථම්භය යොදන්නට බොහෝ දුරට ඉඩ ඇත. කුමන ජාතිකයින් විසින් මෙම හෝරා ස්ථම්භය ඉදිකළ ද අද වන විට මෙය මාතර නගරයට, නගරයේ අනන්‍යතාවයට නැතිවම බැරි අංගයක් වී ඇත. පුරාවිද්‍යාත්මක ස්මාරකයන් ලෙසින් ද ප්‍රකාශයට පත්ව ඇති මේ සජීවී ස්මාරකය රැක ගැනීම ශ්‍රී ලාංකීය සැමගේ යුතු කමකි.

අද දක්වා මාතර නගරයේ නගර සලකුණක් වෙච්ච මේ ඔරලෝසු කණුව නගරයට අලංකාරයක් එකතු කරනවා.

4. ලෝක යුද්ධයේදී මියගිය භටයන් සිහි කිරීම සඳහා ඉදි කරන ලද රත්නපුර ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවෙි සබරගමුව පළාතේ රත්නපුර නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන රත්නපුර ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

1920 මුල් ගණන් වලදී, දේශීය යුධ අනුස්මරණ කමිටුව (Local War Memorial Committee) විසින් ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘතියක් යටතේ, රත්නපුරය නගර මධ්‍යයෙහි මෙම ඔරලෝසු කණුව ඉදිකරන ලදී.

ඔරලෝසු කණුවට සුදුසු ආකෘතියක් තෝරා ගැනීම පිණිස, එම කාලයේදී නිර්මාණ තරඟයක් පවත්වා ඇති අතර, එම තරඟයේ ත්‍යාගය වශයෙන් රුපියල් 300 ක මුදලක් පිරිනැමූ බව සඳහන් වේ. තරඟය සඳහා ඉදිරිපත් කරනු ලැබූ ඔරලෝසු නිර්මාණ ආකෘති 10 ක් අතුරින් හොඳම ත්‍රිත්වයක් තෝරා, ඒ අතරිනුත් වඩා සුදුසු ආකෘතිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා විසින් තෝරා ගත් බව පැවසෙයි.

ැඔරලෝසු සඳහා යූරෝ (£) 300 ක මුදලක් වියදම්ව තිබෙන අතර,ඒවා ලන්ඩනයේ ටයිම්ස් සප්ලයි ඒජන්සිය (Times Supply Agency) වෙතින් රැගෙන ආ බව සඳහන් වෙයි.

5. සුදු දොස්තර උපහාර පිණිස ඉදිකළ ගාලු කොටුවෙි ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවෙි දකුණු පළාතේ ගාලු කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව ලන්දේසි නිර්මාණයක් කියලා තමයි ගොඩාක් දෙනෙක් හිතන්නේ. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ගාලු කොටුව ඉදිකරලා අවුරුදු බර ගාණකට පස්සේ තමයි කොටු පවුරේ ඔරලෝසු කණුව ඉදිකරලා තියෙන්නේ.

බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස දෘෂ්‍යමාන වූවත්, ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද, දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයක් යටතේ ඉදි වූවකි.

19 වන සියවසේ අවසන් සමය තුල, මෙරට ගාලු දිසාවේ ජනතාවට සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනාසිටි, ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක්‌ වූ පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා සිය සේවා කාලය නිමාකරමින් සමුගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කල යුතු යැයි එකල ගාල්ලේ ජන ප්‍රධානීහූ සාකච්ඡා සිදු කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනූව, පීටර් ඩැනියෙල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක්‌ ඉදිකිරීම සුදුසු යැයි තීරණය විණි.

මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් තුන්දහස්‌ පන්සියයක්‌ පමණ වියදම් වෙතැයි ඇස්ථමේන්තු කල අතර, එම මුදල් ප්‍රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අයකර ගැනීමට මුලදී තීරණය විණි. නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහතා, එම මුදල් ප්‍රමාණය තමා විසින් දැරීමට සූදානම් බව දන්වා සිටින ලදි.

ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින්, ගාලු කොටුවේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා අතින් විවෘත කෙරුණි.

6.බදුලු ගිය සුද්දාට වෙලාව කිව්ව ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවෙි ඌව පළාතේ බදුල්ල නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන බදුල්ල ඔරලෝසු කණුව මෙරට යටත් විජිත සමයේ ඉදිකරන ලද පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ. එය රජ වීදිය, බස් නැවතුම්පළ ආසන්නයට වන්නට ඉදිකොට තිබෙි.

එකල විශේෂයෙන් වතු වගාව බදුල්ල ආශ්‍රිත කඳුකර පළාතේ ව්‍යාප්ත කරවු සුදු ජාතිකයින් උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා අරං ගියේ ඒ පැත්තේ වවෙන කෝපි, සහ තේ වගේ දේවල් කොළඹ ගෙන ඒමට ඒ නාගරික කලාපයේ වැඩකරපු මිනිස්සුන්ට වෙලාව බලාගැනීමට මෙම ඔරලෝසු කණුව සාදා ඇත්තේ.

ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාර ස්වරූපයක් ගන්නා අතර, එහි වහලය යටත් විජිත සමයේ වාස්තු විද්‍යාත්මක ශෛලිය සිහි ගන්වයි. ඔරලෝසු කණුව ක්‍රි.ව. 1932 දී ඉදිකරන ලද්දක් බැව් එහි දැක්වෙන පුවරුවක සටහන් කොට තිබෙයි.

7. හදිසි අනතුරක් නිසා මහනුවරට ලැබුන දායාදය

මහනුවර නගරයේ ශ්‍රී දළදා වීදිය, එස්. එබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ හිරගෙදර යන මාවත් එක්කරන අන්තර්මාරුව මධ්‍යයෙහි ඉදිකොට තිබෙන ඔරලෝසු කණුව, මහනුවර ඔරලෝසු කණුව ලෙස හැඳින්වෙයි. එය 1947 වසරේ අගෝස්තු මස කඩුගන්නාවෙිදී හදිසි අනතුරක් හේතුවෙන් මිය ගිය, මොහමඩ් සාකි ඉස්මයිල් නම් වූ සිය පුතණුවන් සිහිවීම පිණිස, 1950 වසරේදී හාජි මොහමඩ් ඉස්මයිල් විසින් ඉදිකරවන ලද්දකි.

මේ සඳහා ඉඩම ඔහු මිලදී අරං තියෙන්නේ මහනුවර නගර සභාවෙන්.ඒ වගේම මේ ඔරලෝසු කණුව හදන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ උපකරන ගෙනල්ලා තියෙන්නේ ඇමරිකාවෙන්. ඒකාලේ ලංකාවේ අගමැති වුන ඩී එස් සේනානායක මහතා අතින් තමයි මේ ඔරලෝසු කණුව විවෘත කරලා තියෙන්නේ.

වර්ෂ 1947 දී මෙම ඔරලෝසු කණුවෙහි වාස්තු නිර්මාණය, එවක මෙරට සිටි දක්ෂ නිර්මාණ ශිල්පියෙකු ලෙස සැලකූ ෂර්ලි ද අල්විස් මහතා විසින් සිදුකර තිබෙයි.

ඔරලෝසු කණුව ඉදිකොට තිබෙන භූමිය මහනුවර මහනගර සභාවෙන් හිමි කර ගෙන තිබූ අතර, ඉදිකිරීම් සඳහා අවශ්‍ය වූ යන්ත්‍ර සූත්‍ර, ද්‍රව්‍ය සහ උපකරණ එක්සත් රාජධානියෙන් රැගෙන ආ බව සඳහන් වෙයි. ඉදිකිරීම් නිමවන ලද ඔරලෝසු කණුව, 1950 වසරේදී එවක ලංකා අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්.සේනානායක  සහ මහනුවර නගරාධිපති ඊ.එල්.සේනානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.


8 .ලෝක යුද්ධයේදී මියගිය සෙබළුන් සිහිවීම පිණිස ඉදිකළ කුරුණෑගල ඔරලෝසු කණුව

වයඹ පළාතේ කුරුණෑගල  නගර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන කුරූණෑගල ඔරලෝසු කණුව එරට ඇති පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

සම්පූර්ණයෙන් වාගේ සිමෙන්ති හා කළු ගලින් නිර්මාණය කොට තිබෙන මෙම ඔරලෝසු කණුවහි මූලික හැඩය චතුරස්‍රාකාරයි. එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙන ආකාරය දකින්න පුළුවන්.

එහි පහළ, සිව් දිශා වෙතට ඉදිකරන ලද දොරටු හතරක් වන අතර, ඉන් තුනකම ඔරලෝසු කණුව පිහිටුවීමේ අභිප්‍රාය හා ලෝක යුද්ධයෙන් මියගිය භටයින්ගේ නම් දැක්වෙන සටහන් දැක්වීමට යොදා ගෙන තිබෙයි. කුණුවෙහි ඉහලින් සිව් දිශාවන්හී 1922 වර්ෂය සටහන් කොට තිබෙයි.

ඔරලෝසු කණුවහි ඇතුළත, එහි ඉහළට නැඟීම වෙනුවෙන් ඉදිකරන ලද පඩිපෙළක් වන අතර, ඉන් පඩි 4ක් කොන්ක්‍රීට් වලින්ද, ඉතිරි පඩි 29ක් ලී වලින්ද සාදා ඇත.

ක්‍රි.ව. 1914-1918 I වන ලෝක යුද්ධයේදී එක්සත් රාජධානිය වෙනුවෙන් සටන්වැද මියගිය වයඹ පළාතේ භටයින් සහ ඉංග්‍රීසි ජාතික භටයින් 07 දෙනෙකු සිහිකිරීම වෙනුවෙන් ඉදිකරන ලද්දකි. ඔරලෝසු කණුවෙහි ඉංග්‍රීසි,සිංහල හා දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කොට තිබෙන වගන්තිය, ඒ බැව් සනාථ කරයි. (පහත දක්වා ඇති වගන්තිය )

ක්‍රි.ව. 1914 – 1918 මහ යුද්ධයේදී අධිරාජ්‍ය උදෙසා වයඹ පළාත වෙනුවෙන් ගොස් ජීවිත දානය කළ වීර පුරුෂයන් සිහිවීම පිණිසයි.

පළමු ලෝක යුද්ධයේදී මියගිය භටයින් 11 දෙනෙකුගේ (ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු) නම් සඳහන් වන සටහනක් සහ දෙවන ලෝක යුද්ධයේදී මියගිය ඉංග්‍රීසි ජාතික භටයින් 07 දෙනෙකුගේ නම් දැක්වෙන සටහනක්ද මෙහි පවතී.

කුරූණෑගල ඔරලෝසු කණුව, කොළඹ නගරයේ ඉදිකොට තිබෙන යුද ස්මාරකයටත් වඩා පැරණි ස්මාරකයක් ලෙස හැඳින්වෙයි. එසේම යුධ ස්මාරකයක සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම පාඨ දැක්වෙන එකම අවස්ථාව ලෙසද මෙය සඳහන් වෙයි. (නමුත් කොළඹ යුද ස්මාරකයේ සිංහල හා දෙමළ වචන දෙකක් ඇති බව සඳහන්ය).

9.ඉන්දියාවේ ඛාන්ලා ගෙන් ලංකාවට වේලාව

බස්නාහිර පළාතේ කොළඹ ඉදිකොට තිබෙන ඛාන් ඔරලෝසු කණුව ඉන්දියාවෙි බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය පිටකොටුවවෙළඳපොළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙි.

ඛාන් ඔරලෝසු කණුව 20 වන සියවසේ මුල් සමයේදී, ෆ්‍රම්ජී භිඛාජි ඛාන් (Framjee Bhikhajee Khan) පවුල විසින් ඉදි කරනු ලැබුවකි. ඔරලෝසු කණුවෙහි දක්වා තිබෙන සටහනකින් ඒ බැව් තහවුරු කරයි.

“This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923, the 45th anniversary of his death.”

“ෆ්‍රම්ජී භිඛාජි ඛාන් පියාණන් වෙත ආදරණීය කෘතගුණ දැක්වීමේ සංඛේතයක් වශයෙන්, මෙම ඔරලෝසු කණුව හා දිය උල්පත (ජල මල), ඔහුගේ පුතුන් විසින්, මහ නගර සභාව හරහා කොලඹ පුරවැසියන් වෙනුවෙන්, 1923 වසරේ ජනවාරි මස සිව් වන දින, එනම් ඔහුගේ මරණයට වසර 45 ක් සැපිරෙන කල, ඉදිකොට නිම කරන ලදි.”

ඔරලෝසු කණුව සමග සක්‍රීය ජල මලක්ද ඉදිකෙරුණත්, එය තව දුරටත් ක්‍රියාත්මකව නොමැති බව සඳහන් වෙයි.

දල වශයෙන් සිව් මහල් ගොඩනැගිල්ලක උසකින් යුත් මෙම ඔරලෝසු කණුව, පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්න වටරවුමෙහි ඉදිකොට ඇත.

10. ලංකාවෙි උසම ඔරලෝසු කණුවක් වූ පිළියන්දල හෝරාස්ථම්භය

පිළියන්දල හෝරාස්ථම්භය ශ්‍රී ලංකාවේ පිළින්දල නගර මධ්‍යයයේ පිහිටා ඇති අතර එය එම නගරයේ ප්‍රචලිත මංසලකුණකි. ප්‍රදේශවාසීන් සහ ලේඛනගත තොරතුරු අනුව මෙම හෝරාස්ථම්භය ශ්‍රී ලංකාවේ හෝරාස්ථම්භ අතරින් උසම එකක් වන අතර උසින් අඩි 78ක් (මීටර් 24) හා වටප්‍රමාණයෙන් අඩි 16ක් වේ. මෙම හෝරාස්ථම්භය වසර හැටකට වඩා කාලයක් තිස්සේ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර එහි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළියන්දල නගරයට පෞරාණික වටිනාකමක් එක් කරයි.

එවකට මොරටුව පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා කරන ලද ඉල්ලීමකට අනුව පිළියන්දල වෑවල විසූ දානපති ඩී. එස්. ඩබ්ලිව්. සමරකෝන් මහතා එතුමාගේ පෞද්ගලික ධනයෙන් තම මවුපියන් වන පරලොව සැපත් දොන් කොරනේලිස් විජේවික්‍රම මහතා සහ එම මහත්මිය සිහිවීම පිණිස පිළියන්දල නගර මධ්‍යයේ ඇති හෝරාස්ථම්භය ඉදිකර තිබේ. එවකට පළාත් පාලන ඇමැති සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් 1952 සැප්තැම්බර් 18 වැනි දින මේ හෝරාස්ථම්භය ඉදිකිරීමට මුල්ගල තබා ඇත. 1953 අපි‍්‍රයෙල් 30 වැනි දින මේ හෝරාස්ථම්භය සියලු වැඩ අවසන් කොට ජනතාවට වේලාව දක්වන්නට සැලැසු බවට එම හෝරස්ථම්භයේ ඇති ලේඛනයේ සඳහන් වේ.

පිළියන්දල හෝරාස්ථම්භය මහල් තුනකින් යුක්ත වන අතර ගඩොල් සහ සිමෙන්තියෙන් නිමවා ඇත. එහි උඩම මහල කොන්ක්‍රීට් ස්තරයක් මත ඉදිකරනු ලැබ ඇත. එම ඉහළ මාලය වෙත ළඟා වීම සඳහා යකඩ පඩිපෙළක් ඇත. මෙම යකඩ පඩිපෙළ මුදුනේ වයින් කරන යන්ත්‍ර 3 කින් සමන්විත පෙට්ටියක් පිහිටා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles