Friday, May 17, 2024

හැත්තෑව දශකයේ සිදුකළ ලිංගික අපරාධ සම්බන්ධයෙන් නසීර් අහමඩ් සාමිවරයාට සිර දඩුවම්

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ කැපී පෙනෙන චරිතයක් වන රොතෙරම්හි නසීර් අහමඩ් සාමිවරයාට එක්සත් රාජධානියේ අධිකරණය විසින් වසර පහහමාරක සිර දඬුවමක් නියම කර තිබේ.

1970 වර්ෂයේ දී පිරිමි ළමයෙකුට එරෙහිව බරපතල ලිංගික අතවර කිරීම සහ තරුණියක් දූෂණය කිරීමට තැත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරැ බව තීරණය කර ඇත.

මෙම අපයෝජනය සිදුකර ඇත්තේ 1970 දශකයේ දී එනම් අහමඩ් සාමිවරයා වයස අවුරුදු 16 හෝ 17 වන පසුවන අවස්ථාවේදී ය.

නසීර් අහමඩ් සාමිවරයා තමන්ට එල්ලවන චෝදනා ද්වේෂ සහගත ප්‍රබන්ධයක් යැයි ප්‍රකාශ කළ ද වින්දිතයින් 2016 සිදුකරන සංවාදයක දුරකථන පටිගත කිරීමකින් මෙම චෝදනා සාදන ලද හෝ ව්‍යාජ ඒවා නොවන බව ඔප්පු වී ඇති බව පැවසේ.

මෙහිදී වින්දිතයන් ප්‍රකාශ කර ඇත්තේ මෙය පළිගැනීමක් නොවන බවත් යුක්තිය සඳහා වූ සටනක ප්‍රතිඵලයක් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles