Sunday, May 19, 2024

ඉන්දියාවේ සූර්ය බලශක්ති ධාරිතාව එකළොස් ගුණයකින් ඉහළට

ගතවූ වසර හතර තුළ ඉන්දියාවේ ස්ථාපිත පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සියයට 220 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර පහ තුළ සූර්ය බලශක්ති ධාරිතාව පමණක් 11 ගුණයකින් වැඩි වී තිබේ.

ජාත්‍යන්තර සූර්ය සන්ධානය සහ පිරිසිදු බලශක්ති ගවේෂණය වෙනුවෙන් 2022 පෙබරවාරි 4 වන දින පවත්වන විද්වත් සාකච්ඡාවකදී මෙම තොරතුරු ‍අනාවරණය වී ඇත.

සූර්ය බලශක්ති විසඳුම් යෙදවීම හරහා දේශගුණික විපර්යාසයන්ට එරෙහිව උත්සාහයන් බලමුලු ගැන්වීම සඳහා ඉන්දියාව සහ ප්‍රංශය විසින් ජාත්‍යන්තර සූර්ය සන්ධානය ආරම්භ කරන ලදී.

ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ආරම්භක සමුළුවට 2018 වර්ෂයේ දී ඉන්දියා සත්කාරකත්වය සැපයූ අතර ජාත්‍යන්තර සූර්ය සන්ධානයේ ලේකම් කාර්යාලය නවදිල්ලියේ පිහිටුවා තිබේ.

ඉන්දිය වාර්තා අනාවරණය කරන්නේ, වර්තමානය වන විට ඉන්දියාවේ සමස්ත ස්ථාපිත විදුලි ධාරිතාවයෙන් සියයට 40ක් පොසිල ඉන්ධන නොවන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles