රත්නපුරේ මවක් හා දැරියක් ඝාතනය කෙරේ – අනියම් සැමියා සැකයි..

0
316

රත්නපුර,වේවැල්වත්ත පොලිස්බල ප්‍රදේශයට අයත් ගුරුබැවිලගම ප්‍රදේශයේ නිවසක විසූ 37 හැවිරිදි මවක හා 13 හැවිරිදි දැරියක ඝාතනය කර තිබේ.‍

තියුණු ආයුධයකින් කපා කොටා මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඒ අනුව මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ලෙච්චමන් ශෂිකලා නමැති මවක හා සුවේන්ද්‍රන් සංජීවනී නමැති දැරියකි.

මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(13)දින සිදුකිරීමට නියමිතය.

ඝාතනයට ලක්වූ තැනැත්තියගේ අනියම් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන බවත්,සැකකරු අත්අඩංගුවට ගැනීමට වේවැල්වත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here