Sunday, November 17, 2024

සුඛෝපබෝගී වාහන කොටස් වෙන්දේසි කිරීම අත්හිටුවා ඇත – රේගු මාධ්‍ය ප‍්‍රකාශක

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ලැම්බෝගිනි, ජගුවර්, මර්සිඩීස් බෙන්ස්, හමර් මෝටර් රථවල කොටස් වෙන්දේසි කිරීම අත්හිටුවා ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත් ද සිල්වා පවසයි.

එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ජගුවර්, ලැම්බෝගිනි ඇතුළු සුඛෝපභෝගී වාහන වෙන්දේසියක් රේගුව විසින් නතර කර ඇති බවට වාර්තා වුවත්, රේගුව විසින් අත්හිටුවූයේ එවැනි වාහන වෙන්දේසියක් නොව, එම වාහනවල කොටස් කන්ටේනර්වල අසුරා නීති විරෝධීව එවා තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගත් ඒවා බවයි.

මෙම කොටස්වලින් බහුතරයක් වසරක් තිස්සේ ටෙන්ඩර් කිරීමට උත්සාහ කළත් එයට ටෙන්ඩර්කරුවන් ඉදිරිපත්ව නැති බවත් ටෙන්ඩර් කිරීමට ඉදිරිපත් කර අත්හිටුවනු ලැබුවේ එම වාහනවල කොටස් බවද හෙතෙම පවසයි.

වෙන්දේසියට ඉදිරිපත් කළ භාණ්ඩ අතර අංග සම්පූර්ණ වාහනයක් නොමැති බවත්, රේගුවට ආදායම් ලබාගැනීම සඳහා රාජසන්තක කරන විවිධ භාණ්ඩ වෙන්දේසි කිරීම සහ ඒවා අත්හිටුවීම රේගුව මගින් සිදු කරන සාමාන්‍ය කි‍්‍රයාවලියක් බවත් ඔහු සඳහන් කරයි.

වසරකට 10කට වඩා එවැනි වෙන්දේසි කිරීම් සිදු කරන අතර ශ‍්‍රී ලංකා රේගුවේ වෙබ් අඩවියට ප‍්‍රවිශ්ඨ වීමෙන් එම තොරතුරු දැන ගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles