Sunday, May 19, 2024

වසර හතකට පසු ලෝක බොරතෙල් මිල ඉහළම අගය වාර්තා කරයි

ලෝක බොරතෙල් මිල වසර 7කට පසුව ඉහළම අගය අද (14දා) වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රුසියාව හා යුක්‍රේනය අතර පවතින උණුසුම්කාරී තත්ත්වයද මෙසේ බොරතෙල් මිල ඉහළ යාමට හේතුවක් වී තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 95.61 ක් වූ එය සියයට 1.2ක මිල ඉහළ යාමකි. 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී බ්‍රෙන්ට් දර්ශකය අනුව බොරතෙල් බැරලයක් ඩොලර් 96.16ක් වූ අතර ඉන් පසුව වාර්තා වූ වැඩිම අගය අද වාර්තා වන ඩොලර් 95.16කි.

එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) දර්ශකය බොරතෙල් බැරලයක් ඩොලර් 1.41 කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 94.94 ක් විය. එම අගයද එම දර්ශකයේ 2014 සැප්තැම්බර් මාසයේ සිට ඉහළම අගයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles