එළිසබෙත් මහ රැජිනටත් කොවිඩ් ආසාදනය වෙයි

0
759

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බකින්හැම් මාලිගාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු වෛරසය ආසදනය වී ඇති බවට හඳුනා ගැනීමට පැය 48 කට පෙර සිය මව වන දෙවන එළිසබෙත් මහ රැජිණ බැහැදැකීම හේතුවෙන්ය.

මේ වන විට බ්‍රිතාන්‍ය මහ රැජිණ ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැඩි අවදානයකින් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදිත චාර්ල්ස් කුමරුගේ බිරිඳ වන කෝර්න්වෝල් ආදිපාදවරිය කැමිලා පාකර් හටද, කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

True News.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here