Monday, April 29, 2024

මියෙනා ලොවක නොමියන මතකය සදාදරණීය විජය දැයෙන් සමුගෙන වසර 34

“තුවක්කුව අතට රැගෙන හේරත් සමඟ මෝටර් සයිකලයෙන් පැමිණ විජය කුමාරතුංග නැවතී සිටි ස්ථානයට යාර 20කට පමණ දුරින් පාර අයිනේ මෝටර් සයිකලය නැවැත්තුවා. විජය කුමාරතුංග සිටගෙන සිටියේ ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටය. ඔහුගේ අතේ කොළ දමා නවන ලද ෆයිල් එකක් තිබුණා. ඔහු නැවතී එතන සිටි අයෙක් සමඟ කථා කරමින් සිටියා. මා බයිසිකලයේ උඩ නැවතී සිට ටී 56 රයිෆලයෙන් විජය කුමාරතුංගගේ පිටට වෙඩි දෙකක් තිබ්බා. ඔහු මට පිටුපා සිටියා. එම වෙඩි පහරවල් දෙක තබන විට විජය කුමාරතුංග වැටුණා. මා බයිසිකලයෙන් බිමට බැස එතනට ගොස් ඔහුගේ ඔළුවට වෙඩි කිහිපයක් තිබ්බා. මා බැස එන විට විජය කුමාරතුංග සමඟ කථා කරමින් සිටි පුද්ගලයා ගේ පැත්තට දුවන්න වුණා. මා ඔහුට ද, වෙඩි තිබ්බා. ඔහු ගෙට දිව්වා. පාර පැත්තේ බඩල් කැබ් එක තිබුණා. එම ඩබල් කැබ් එක පිටු පස එක්කෙනෙක් සිටියා. මා ඒ පැත්තට වෙඩි තිබ්බා.”

(විජය කුමාරතුංගගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ලයනල් රණසිංහ නමැති ජවිපෙ සාමාජික ඝාතකයාගේ පාපෝච්චාරණය)

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන් අප අතරින් සමුගෙන අදට වැනිදාට වසර තිස් හතරක් සපිරේ. සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු ලෙස මහත් ජනාදරයට පාත්‍රවූ විජය කුමාරතුංගයන් සදාකාලික සිනමා තරුවක් බව නොරහසකි. ඔහු. නොමැතිවීම නිසා සිනමාවේ ඇතිවුණු අඩුව මෙතෙක් එලෙසමය. තරු ගුණය මෙන්ම මනුෂ්‍ය ගුණාංගයන් සපිරි මනුෂ්‍යයකු ලෙසද ඔහු වඩාත් ප්‍රකටය. අමානුෂීක අන්දමින් ඝාතනයවී වසර තිස් හතරක් ගතවූ තැනද විජයගේ ජනප්‍රියත්වය මදක් හෝ අඩුව නැති බවනම් සැබෑය.

ශ්‍රී ලාංකේය සිනමාවේ පුරාවෘත්තයක් වූ ඔහු චිත්‍රපට නළුවෙකු ලෙසත්, පසුබිම් ගායකයෙක් ලෙසත්, ක්‍රියාකාරී දේශපාලකයෙක් ලෙසත් ශ්‍රී ලාංකේය රසික හදවත් තුල නොමියෙන මතක ඉතිරිකල යුග පුරුෂයෙක් විය.

“දඟගෙයි දඬුවම්…..
සියුමැලි වැඩිනම්……
අලුගෝසුවනේ එල්ලාපන්….”

“ඔබ රුව ඡායා සැඟවෙි පායා…”

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඳුරුතම දවසක් ලෙස 1988 පෙබරවාරි 16 දින කිරුළපනදී සාහසික වෙඩික්කරුවෙකුගේ වෙඩි උණ්ඩයකට ඔබ නිහඬ වුවද ඔබගේ ප්‍රතාපවත් චරිතය අදටත් ජනතාවගේ සිත් තුල ජීවමානයි.

විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය.

සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔහු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ හදවත් තුළ ආදරය දිනාගත් දේශපලනඥයෙකු විය.

තවද ඔහු තුළ තිබූ සරලකම, අව්‍යාජත්වය, උතුම් මිනිස් ගුණාංග වත්මන් නායකයින්ට ද හොඳ ආදර්ශයකි. විජය අදටත් ජනතාවගේ හදවත් තුල ජීවත්වන්නේ ඒ උතුම් මිනිස් ගුණාංග ඔහු තුළින් සැබෑවටම ගලා ආ නිසාවෙනි.

විජය ඝාතනය දැඩිලෙස හෙලා දකින අතරම
ඔහුව ඝාතනයට වගකිව යුත්තේ කවුරුන්ද කුමක් සඳහා ඝාතනය කළාද යන්න අදටත් අබිරහසකි.ඔහුව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය වූ දේශපාලන විභවය සහ අවකාශය ඒ දේශපාලන සන්ධිස්ථානයේ නොඅඩුව පැවතුණි.

කෲර නොමිනිසුන්ගේ කුරිරුකම් නිසාවෙන් සිනමාව සංගීත කේෂ්ත්‍රයට , දේශපාලනයට සුවහසක් ජනතාවකට අහිමිවුයේ නිර්භීත කලාකාමි මිනිසත් බවින් පිරි සුන්දර මිනිසෙකි.

විජය ගතින් මියදී ගෙවී ගිය 34 වසරකට පසුවත් ඔහුගේ මතකය සදා ජීවමානව පවතිනු ඇත. විජය පොදුජන හදවත් තුළ විශිෂ්ටතම කලාකරුවා,මානවහිතවාදී දේශපාලනඥයා,සුපෙම්වතා ,සිහින කුමාරයා ලෙස සදා ජීවමාන වන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles